රණවිරුවන්ගේ වැටුපටත් බදු ගහලා

ත්‍රස්තවාදයට එරෙහි සටනට ගොස් ආබාධිතව අභිමන්සල වල සිටින රණවිරුවන්ගේ වැටුපටත් බදු ගසා ඇතැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රණවිරුවන්ගේ වැටුපට බදු ගහන්න එපා යැයි ඉල්ලා සිටින බවද වීරවංශ මහතා වැඩිදුරටත් කීය.

ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසූයේ බදු ක්‍රමවේද සැකසීමේදී පොදුවේ යම් තීරණ ගන්නා බවත් අදාල කාරණය ගැන සලකා බලන බවත් ය.

Leave a Reply

Your email address will not be published.