නව වසර සදහා පාර්ලිමේන්තුවට අද පළමු වරට රැස්වීමට නියමිතව තිබේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව උදෑසන 9.30ට රැස්වීමට නියමිතය.
එහිදී පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ බදු පදනම මත ලබාදී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබාගැනීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකෙරෙනු ඇති.
මේ අතර වැඩිවන විදුලි ගාස්තු සහ ඉදිරි පලාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්ද අද පාර්ලිමේන්තුවේදී අවධානය යොමුකිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සදහන් කළේය .
මේ අතර අද දිනයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව, රජයේ මුදල් පිළිබද කාරක සභාව සහ උසස් නිලතල පිළිබඳ කාරක සභාව ද රැස්වීමට නියමිතව තිබේ.