බස්නාහිර පාසල් ආශ්‍රිත වැටලීමකදී මත්ද්‍රව්‍ය සමඟ 55ක් කොටුවෙයි

බස්නාහිර පළාතේ පාසල් 149ක් ආවරණය වන පරිදි සිදුකළ මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලදී පොලීසිය විසින් සැකකරුවන් 55 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (05) පස්වරු 1 සිට පස්වරු 3 දක්වා සිදුකළ මෙම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය සහ මත්පෙති විකිණීමේ චෝදනා මත එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9යි මිලි ග්‍රෑම් 980ක්, හෙරොයින් ග්‍රෑම් 16යි මිලිග්‍රෑම් 420ක්, ගංජා ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 833ක්, මත්පෙති 20ක් ඇතුළු මත්ද්‍රව්‍යද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය වැටලීම් බස්නාහිර පළාතේ පාසල් ආවරණය වන පරිදි තවදුරටත් සිදුකරන බව බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.