පැහැරගත් දරුවා ව බේරාගත් STF මෙහෙයුම

මත්කුඩු ජාවරාමකට අදාළ මුදල් නොගෙවීමට උරණ වී කුඩා දරුවෙකු පැහැරගෙන ගිය පුවතක් මීගමුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් දරුවාව සොයාගැනීමට සමත්ව තිබේ.

ඒ අනුව මෙලෙස පැහැරගෙනගොස් සිටි දරුවාව සොයාගෙන ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ රන්දිය උයන මහල් නිවාස සංකීර්ණයේදීය.

විශේෂ කාර්ය බලකාය විසින් සොයාගත් දරුවා වැඩිදුර විමර්ශන සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වෙත භාරදී ඇත.

එහිදී සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර කාන්තාවක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මූලික විමර්ශනවලදී ආනාවරණය වී ඇත්තේ රන්දිය උයන මහල් නිවාස සංකීර්ණයේ කාන්තාවක් විසින් මීගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට මත්කුඩු අලෙවි කර ඇති බවය.

ඊට අදාළ මුදල් නොගෙවීම හේතුවෙන් මෙලෙස ඔහුගේ දරුවා පැහැරගෙනවිත් ඇති බවද එම විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.