ඖෂධ සංස්ථාවේ හදිසිය අතේ පත්තු වෙයි

වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීම සඳහා හදිසි යැයි පවසමින් රජයේ  ඖෂධ නීතිගත සංස්ථාව 2018 වර්ෂයේදී  මිලට ගත් එන්නත් ඒකක 7000 කින් 5612ක් 2020 වර්ෂයේ ජුලි  16 වැනිදා වනවිටත්  ගබඩාවල ඉතිරිව තිබුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.

ඒ අනුව මෙම ඖෂධයේ හදිසි අවශ්‍යතාවක් තහවුරු නොවූ බව එම කාර්යාලය සඳහන් කරයි.

ගැණුම් ඇණවුමකට අනුව (2018 වර්ෂය සඳහා වූ) ඉපොටින් ඉන්ජෙක්ෂන් (Epoetin Injection) 1000IU එන්නත් හත්දාහක් හැකි ඉක්මනින් වෛද්‍ය සැපයුම් අංශයට සැපයිය  යුතු බව සැපයුම්කරුට දන්වා තිබූ අතර වෛද්‍ය සැපයුම් අංශ අධ්‍යක්ෂගේ 2019 ජුනි 19 දිනැති  ලිපිය මඟින්ද  මෙම එන්නත්  හදිසි බව දන්වා  තිබිණැයි විගණන නිලධාරීහු පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published.