බිත්තර ලක්ෂ 8ක් කොළඹට – රිඡ්වේ ළමා රෝහලට අවශ්‍ය බිත්තර නොමිලේ

කොළඹ සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත රුපියල් 53කට බිත්තර ලබාදීමට කටයුතු කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එහි සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ බිත්තර ලක්ෂ 8ක ප්‍රමාණයක් අද (07)  කොළඹට රැගෙන එන බවය.

කුරුණෑගල ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සරත් රත්නායක මහතා පැවසුවේ අද දිනයේ කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට අවශ්‍ය බිත්තර නොමිලේ ලබාදීමට තීරණය කර ඇති බවය.

Leave a Reply

Your email address will not be published.