පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩු සමයේ ක්‍රියාත්මක කෙරුණු රැකියා ලක්‍ෂයේ වැඩසටහන යටතේ දුම්රිය දෙපාර්තමේන්තුවට අඩු ආදායම් ලාභීන් 3,000 ක් කම්කරු පත්වීම්වලට බඳවාගැනීමට කටයුතු කරමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුව මුහුණ දී සිටින සේවක ගැටලුවට විසඳුමක් ලෙස මෙම පත්වීම් කිරීමට අනුමැතිය ඉල්ලා ඇති බවත් එම පත්වීම් හැකි ඉක්මණින් ලබාදෙන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.