නිලන්ත ජයවර්ධනට තනතුරු දීම ගැන කාදිනල් හිමිගේ විරෝධය

වත්මන් රජය රටේ නීතියේ ආධිපත්‍ය හෑල්ලුවට ලක්කරමින් සිටින බව අති උතුම් කාදිනල් හිමියන් පවසන බව සිරිල් ගාමිණී පියතුමන් පැවසීය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ශ්‍රී ලංකා පොලීසියේ ඉහළම තනතුරක් ප්‍රදානය කිරීමේ උත්සාහයක් සම්බන්ධයෙන් කාදිනල් හිමියන්ගේ ප්‍රතිචාරය පිළිබඳව අදහස් දක්වමින් සිරිල් ගාමිණී පියතුමන් මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සිරිල් ගාමිණී පියතුමන් වැඩිදුරටත් පවසා සිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනව ආරක්ෂා කිරීමට සහ ඔහුට වරදාන වරප්‍රසාද ලබාදීමට අවශ්‍යව ඇත්තේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සත්‍යය හෙළිවීම වැළැක්වීමට බවය.

Leave a Reply

Your email address will not be published.