අත්අඩංගුවේ දී පුද්ගලයෙක් මියයෑම ගැන විශේෂ විමර්ශනයක්

මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මියයාම සහ පොලිස් නිලධාරියෙකුට තුවාල සිදුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරාදන පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පසුගිය 10 වන දින සවස් කාලයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් හෙරොයින් ග්‍රෑම් 15කට ආසන්න ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන අවස්ථාවේ නිලධාරීන්ට විරෝධය පා කලහාකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වේ.

එය පාලනය කිරීමට යාමේ දී ඇති වූ සිද්ධියක් හේතුවෙන් සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 41 හැවිරිදි තෙල්වත්ත හික්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි නාරාහේන්පිට වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර කළමනාකරුවෙකු බව සඳහන් ය.

එම සිද්ධියේ දී පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

Leave a Reply

Your email address will not be published.