ඉන්දියාවේ කුරුලු උණ රෝගය මේ වන විට පැතිර යමින් තිබෙන බැවින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට කිසිසේත් අවසර නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසයි.
බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා වර්තමාන පිරිවැය සලකා බැලීමේදී රුපියල් 50 කට වඩා අඩු මිලකට පාරිභෝගිකයන් අතට බිත්තරයක් පත් කළ හැකි බවත් නිෂ්පාදන වියදම ප්‍රකාශයට පත් පත්කිරීම මාසිකව සිදු කෙරුණත් වෙළඳපොලේ පවතින බිත්තර මිල හා සම්බන්ධ ගැටලුව මුල්කර ගනිමින් එම නිෂ්පාදන මිල සතිපතා ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසීය .