මොනරාගල SSPගේ වැඩ තහනම්

වහාම ක්‍රියාත්මක වන පරිදි මොනරාගල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත්ගේ වැඩ තහනමට ලක්කර තිබේ.

ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව පසුගිය 10 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මොනරාගල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් මහතාගේ වැඩ තහනම ක්‍රියාත්මක වනු ඇති.

අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිල නිවසේ තිබී වේළීම සඳහා සකස් කර තිබූ ගංජා පැළ 650කට ආසන්න සංඛ්‍යාවක් සොයාගත් බව පොලීසිය පැවසීය.

මේ අතර සිදුකළ විමර්ශනවලට අදාළව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇතිමලේ පොලීසියේ ස්ථානාධිපතිවරයාවද අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර ගේ නිල රියදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයා, නිවසේ රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙක්, මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් හා මොරටුව, එගොඩඋයන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුත් අත්අඩංගුව ගෙන ඇත.

සැකකරුවන් භාවිත කළ ජීප් රථයක් හා භූගත ලෝහ වැනි ද්‍රව්‍ය නිරීක්ෂණය කළ හැකි ස්කෑන් යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.