ව්‍යාපාරිකයෙකුට වෙඩිතැබීමක්

හොරණ කුඹුක ප්‍රදේශයේ අද (16) අලුයම සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
  
අද අලුයම එකත් දෙකත් අතර කාලයේදී හොරණ කුඹුක ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව ඇත.

පොකුණුවිට සිට කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථය පසුපසින් යතුරුපැදියකින් හඹා ගොස් කුඹුක ප්‍රදේශයේ වෙල්යායක් අසල දී නවතා වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

වෙඩිවැදීමට ලක්ව ඇත්තේ, පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

තුවාල ලැබූ ව්‍යාපාරිකයා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published.