කෙල්ලෙක්ට විවාහය අත්‍යවශ්‍යම නෑ – වොල්ගා කල්පනී

අපේ රටේ දක්ෂ ආදරණීය පුංචි කලා තරුවක් තමයි වොල්ගා කල්පනී කියන්නේ ඇය අපේ රටේ ටෙලි නාට්‍ය රැසකම සිය රංගන දායකත්වය ලබාදී තිබෙන අතර ඒ සියල්ලක්ම ප්‍රේක්ෂකයින් ඉතාමත් ආදරයෙන් වැළඳගෙනයි තිබෙන්නේ. ඉතින් හුරුබුහුටි වොල්ගා කල්පනී විවාහ දිවියට පත් වන්නේ අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන හර්ෂණ බෙත්මගෙ සමගයි. නමුත් ඔවුන්ගේ විවාහ ජීවිතයේ සිදුවුණු යම් යම් ගැටළු නිසාවෙන් එම විවාහය දෙදරා යනවා, බිහිවන විට හර්ෂණ වෙනත් තරුණියක් සමඟ විවාහ දිවියට පත්ව සිටින අතර වොල්ගා නම් තවමත් තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නෙ

ඉතින් තරුණියකට විවාහය කියන කාරණය අත්‍යවශ්‍ය දෙයක් ද නැද්ද කියන දේ පිළිබඳව ඇය එක්තරා සාකච්ඡාවක් සමග එකතු වෙමින් අදහස් දක්වා සිටියෙ මේ ආකාරයටයි.

”මගේ පෞද්ගලික මතය තමයි කෙල්ලෙක්ට විවාහය කියන දේ අත්‍යවශ්‍යම නැහැ කියන එක. විවාහයකදි වෙන්නේ කොළයක අත්සන් කරලා නීතියෙන් පමණක් බැඳීමක් ඇති කරගන්න එක. ඒ උනාට ආදරය ර්‍ණවිශ්වාසය තියෙන්න ඕන.

විවාහය කියන එක අත්‍යවශ්‍ය බැඳීමක් නෙවෙයි. පෞද්ගලිකව මම විශ්වාස කරන විදිහට කාන්තාවක් ධනවත් පුරුෂයකුගේ බිරිඳක් බවට පත් වෙන්න ඕන නැහැ තමන්ට තමන් හම්බකරගෙන ජීවත් වෙන්න ඕන. ගොඩක් අය කසාද බඳින්නේ තමන්ට ජීවත් වෙන්න කන්න බොන්න සල්ලි තියෙන කෙනෙක් කසාද බඳින්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් එහෙම විවාහයක් අත්‍යවශ්‍යම නැහැ.

Leave a Reply

Your email address will not be published.