වාලම්පුරියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

අලෙවි කිරීමට සුදානම් කර තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනාකමකින් යුත් වාලම්පුරියක් සමග පුද්ගලයෙක් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 14 වන දා වව්නතිව් පොලිස් වසමේ ඉරට්ටචෝනමඩු පාසල අසල ප්‍රදේශයේ දී විශේෂ මෙහෙයුමක් සිදුකර ඇත.

එහි දී නීතිවිරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබු වට ප්‍රමාණය සෙ.මී 34ක් හා දිග සෙ.මී 23ක් වන මිල අධික වාලම්පුරියක් සන්තකයේ තබාගෙන සිටි කන්නන්කුඩා ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.