මගේ උඩුකය නිරුවත්ව පෙනුනට මම අවශ්‍ය තැන් ආවරණය කරලයි රඟපෑවේ – ඩිනාරා පුංචිහේවා

එළැඹෙන 20 වැනිදා සිට රිදී තිරය හරහා තිරගතවීමට නියමිත ගාඩි චිත්‍රපටයේ ප්‍රධාන හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන්න දින ගනින දක්ෂ සුරූපී මෙන්ම නවක රංගන ශිල්පිනියක් තමයි ඩිනාරා පුංචිහේවා කියලා කියන්නේ’

ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලු‍ත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය ජීවිතයට ආදරය කරන චිත්‍රපටවලට ආදරය කරන සහ අන් අයට උදව් කරන්න ප්‍රිය කරන පුද්ගලයෙක් කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය කොළඹ කාන්තා විදුහලේ තමයි පාසැල් අධ්‍යාපනය හදාරලා තියෙන්නේ’ ඊට පස්සේ උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයේ ක්වීන් මේරී විශ්විවිද්‍යාලයට පිවිසුණා කියලත් ඇය කියනවා.

ඉතින් එහිදී ඇය නාට්‍ය සහ රංගනය තමයි හදාරලා තියෙන්නේ. ඒ වගේම ඇය ඉගෙන ගත්තේත් රංගන ශිල්පිනියක් වෙන්න හිතාගෙන කියලයි ඇය කියන්නේ’ ඒ නිසාම ඇය පාසලේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා තිබෙනවා. ඉතින් ඇය පුංචි කාලේ ඉදන්ම නිළියක් වෙන්න ගොඩක් හීන මැව්වා කියලත් ඇය කියනවා. ඒ වගේම උපාධිය ලබාගත්තාට පස්සේ ඉන්දියාවේ වැඩමුළු කිහිපයකටත් ඇය සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඇයට ගාඩි චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ ඇය නළු නිළියන් තෝරාගැනීමේ ඔඩිෂන් එකට සම්බන්ධ වුණා. ඉතින් ඊට පස්සෙ තමයි ඇයට ටිකිරි කියන ප්‍රධාන චරිතය ලැබිලා තියෙන්නේ.

කොහොම නමුත් මෙම චිත්‍රපටයේ ඇය උඩුකය නිරුවත්ව රඟපෑවේ නැහැ කියලයි ඇය කියන්නේ. ඇය ශරීරය ආවරණය වන ලෙස ඇඳුම් ඇඳලා හිටියා කියලත් ඇය කියනවා. ඉතිං ඒ දර්ශනය දකිනකොට ඇයට හිතුණේ කැමරා ශිල්පියා දක්ෂයෙක් කියලාලු. ඉතින් ඇයගේ අධ්‍යක්ෂතුමා වේෂ නිරූපණ ශිල්පියා හරහා නිසි පරිදි ඇයව වෙස්ගැන්වීමේ වගකීම ඉතා විශිෂ්ට ලෙස සිදු කළා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ විශ්වාසය මත තමයිලු‍ ඇය ඇයගේ රඟපෑම සැහැල්ලු‍වෙන් සිදු කළේ’ අනික ඇය නිරුවත් දර්ශනවලට ඉන්න කැමැති නැහැ කියලත් ඩිනාරා කියනවා.

Leave a Reply

Your email address will not be published.