කිරිඳිවැල සිනමා ශාලාවක් තුළ තිබී ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනේ

ගිනිඅවි, ජීව පතොරොම් සහ අත්බෝම්බ සමග සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (17) දින සවස කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමට ලද තොරතුරක් අනුව කිරිඳිවැල පොලිස් වසමේ හංවැල්ල පාර ප්‍රදේශයේ සිනමා හලක් පරීක්ෂාවට ලක් කර ඇත.

එහිදී මෙම ගිනි අවි සහ පතොරොම් මෙන්ම අත්බෝම්බ සොයාගෙන ඇති අතර එහිදී එක් සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 38ක් වූ මිල්ලතේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ සිනමා ශාලාව තුළ තිබී විදෙස් රටක නිෂ්පාදිත පිස්තොල අවි 02, රිවෝල්වර් අවියක්, විදෙස් රටක නිෂ්පාදිත රීපිටර් අවියක්, විදෙස් රටක නිෂ්පාදිත බොර 12 අවියක්, බෝර 12 ජීව පතොරොම් 398ක්, බෝර 16 ජීව පතොරොම් 278, පොයින්ට් 32 අවියට යොදන ජීව පතොරොම් 49ක්, පොයින්ට් 32 අවියට යොදන ජීව පතොරොම් 3083ක් සහ ජීව අත්බෝම්බ 02ක් පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධව කොලඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *