ඇෆ්ගනිස්තානයේ හිටපු මන්ත්‍රීවරියක්ව ඝාතනය කෙරේ

ඇෆ්ගනිස්තානයේ හිටපු මන්ත්‍රීවරියක් සහ ඇයගේ අරක්ෂකයාව නාඳුනන තුවක්කුකරුවෙක් විසින් වෙඩිතබා ඝාතනය කර තිබේ.

කාබුල් නුවර පිහිටි ඇයගේ නිවසට ම පැමිණි ඝාතකයා එම වෙඩිතැබීම සිදුකර තිබිණි.

2021 අගෝස්තු මාසයේදී තලිබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමෙන් අනතුරුව බොහෝ මන්ත්‍රීවරියන් එරට අතහැර විදෙස් ගතවුවද ඝාතනය වූ මුර්සාල් නබිසාඩා එරටෙහිම නතර වූවාය.

ඇය ඝාතනය වනවිට 32 හැවිරිදි වියේ පසුවූවාය.

Leave a Reply

Your email address will not be published.