රටින් පිටමං කළ ධනය රටේ ණය බරට සමානයි

පසුගිය දශක දෙකක කාලයේ දී  රටෙි ආනයන අපයනවලින් 7% ක් සඟවා ඇතැයි ද  එසේ රටින් පිටමං කර ඇති ධනය රටේ සමස්ත ණය බරට සමාන යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

තේ,රබර්, පොල් වලට සීමා වී තිබෙන  අපනයන ආර්ථිකය ඉන් ඔබ්බට ගෙන ආ යුතු බව කී මන්ත්‍රීවරයා අපනයන විවිධාංගීකරණය වඩාත් වේගවත් කිරීම සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද සඳහන් කළේ ය. 

“ජාත්‍යන්තර වෙළඳාමේ තිබෙන අගය මුලින්ම වටහා ගත්තේ අපේ මහා පරාක්‍රමබාහු රජතුමා. එතුමා සාමාන්‍යයෙන් කෘෂිකර්මයෙන් ඔබ්බට ගිහිල්ලා ආසියාවට ලෝකයට ජාත්‍යන්තර වෙළදාම හරහා රට විවෘත කළා.

1976 න් පස්සේ මේ දක්වාම අපි අනුගමනය කරලා තියෙන්නේ අපනයන අභිමුඛ ආර්ථිකයක් භාණ්ඩ නිෂ්පාදනයට. මේක කොච්චර සාර්ථක වෙලා තියෙනවද? 1990 න් පස්සේ මේ රටේ අපනයන කළඹ දිහා අපි බැලුවොත් කිසිම වෙනසක් වෙලා නෑ. ඒ අනුව තමයි තාමත් අපි ඇඟලුම් කර්මාන්තයටයි, තේ, පොල්, රබර් වලටයි සීමා වෙලා තියෙන්නේ යනුවෙන්ද පාඨලී චම්පික රණවක මහතා කීය.

Leave a Reply

Your email address will not be published.