පිළිස්සී මියගොස් සිටි කාන්තා මළ සිරුරක් සොයාගැනේ

සැකකටයුතු ලෙස පිළිස්සී මියගොස් සිටි කාන්තා මළ සිරුරක් මිනුවන්ගොඩ පොලිස් වසමේ යාගොඩමුලල්, කොටුගොඩ ප්‍රදේශයේ තිබී හමුව තිබේ.

ඊයේ (17) රාත්‍රී කාලයේ කොටුගොඩ ප්‍රදේශයේ නිවසක් ගිනි ගන්නා බවට පොලීසියට පණිවුඩයක් ලැබී තිබුණි.

පොලීසිය විසින් ගිනන් මැඩපවත්වා නිවස පරික්ෂා කිරීමේදී ගින්න හේතුවෙන් එම නිවසේ සිටි කාන්තාව පිළිස්සී මියගොස් සිටියදී සොයාගෙන ඇත.

එසේ මියගොස් ඇත්තේ, 65 හැවිරිදි යාගොඩමුල්ල, කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේම ඇති අතර මරණකාරිය ඉහත ලිපිනයේ තනිව පදිංචිව සිට ඇත.

මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.