බස් දීම ගැන සජිත්ගෙන් ප්‍රකාශයක්

තමා පාසල් වලට බස්රථ පරිත්‍යාග  කිරීම සම්බන්ධව විවාදයක් පවත්වමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

තමා බස්රථ පරිත්‍යාග කරන්නේ  නෑදෑ හිතවතුන්ට නොවේ  යැයිද ප්‍රේමදාස මහතා කීය.

“රට ගොඩ ගන්න උදව් කරන්නැයි  ආණ්ඩුවම ඉල්ලා සිටියා. මේ වන විට රජයේ පාසල් හැත්තෑවකට බස්රථ පරිත්‍යාග කර තිබෙනවා.

මෙි වැඩසටහනේදී කිසිම පුද්ගලයෙක් ආධාර අතට ගන්නේ නැහැ. බස්රථ පරිත්‍යාගය ගැන වෙනම විවාදයක් තියමු. මම උත්තර දෙන්නම්. ඡන්දෙ කාලෙට බස් රථ වල ස්ටිකර් ගහගෙන ගිහින්  ඡන්දය ඉල්ලන්න හොඳයි. පාසල් දරුවන්ට බස් දෙන එක හොඳ නෑ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා:-

මම බස් දීම විවේචනය කළේ නැහැ.බස් දුන්නාට පසු ජනතා විමුක්ති පෙරමුණ ඊලග සතියේ එහි රැස්වීමක් පවත්වා ඒක විවේචනය කරනවා.

Leave a Reply

Your email address will not be published.