කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙක් STF අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන කංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය මෙන්ම අපරාධ ජාලය මෙහෙයවූ ප්‍රධාන ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත.

කෙසෙල්වත්ත අක්බාර් පටුමග අසලදීයි මොහු අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු 41 වන මෙම පුද්ගලයා කොළඹ 12 ශාන්ත සෙබස්තියන් වීථිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු ළඟ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 410 ක්ද අත්අඩංගුවට ගැනුණි. මෙම සැකකරු කංචිපානි ඉම්රාන්ගේ සෘජු මෙහෙයවීම මත අපරාධ රැසකට සම්බන්ධ වූවෙකි.

2018 වසරේ බොරැල්ල ප්‍රදේශයේ දී අසිත නමැත්තෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීම, ජුම්මා මස්ජිත් පාර ප්‍රදේශයේ දී අබ්දුල් රවුෆ් ඝාතනයට උත්සාහ කිරීම ආදී චෝදනා රැසක්ම ඔහුට එල්ලවී තිබේ.

Leave a Reply

Your email address will not be published.