චීනයේ ජනගහනය අඩු වෙයි

පුද්ගලයන් දහසකට දරු උපත් 6.77 දක්වා චීනයේ ජාතික දරු උපත් අනුපාතය වාර්තාගත අයුරින් පහළ වැටීමත් සමඟ වසර 60කට පසු පළමු වරට එරට ජනගහනය අඩු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය වසර අවසානය වන විට චීනයේ ජනගහනය බිලියන 1.4118ක් වූ අතර, එය 2021 වසරට වඩා ලක්ෂ අටහමාරක අඩුවීමක් බව ද එරට දත්ත වාර්තා මඟින් අනාවරණය වී ඇත.

චීනයේ උපත් අනුපාතය වසර ගණනාවක් පුරා අඩුවෙමන් පවතින බැවින් ඒ සම්බන්ධ ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී ඇති අතර, වසර හතකට පසු චීනයේ එක් දරු ප්‍රතිපත්තිය අවලංගු කිරීමට ද පියවර ගෙන තිබිණි.

පසුගිය වසරේදී අමෙරිකාවේ උපත් අනුපාතය 11.06ක් ලෙසත්, බ්‍රිතාන්‍යයේ උපත් අනුපාතය 10.08ක් ලෙසත් වාර්තා වූ බවත්, ඉන්දියාවේ උපත් අනුපාතය 16.42ක් වූ බවත් චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ වාර්තාවකින් පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published.