නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් අත ළඟ ක්‍රීඩකයෝ 10ක් එතෙර ලීග්වල

ඉන්දියාවට එරෙහිව පසුගියදා අන්ත පරාජයක් අත් වූ තුන්වැනි එක්දින තරගයෙන් පසු ක්‍රීඩකයන් රැසක් එදිනම රාත්‍රි විස්සයි20 ලීග් තරගවලට ක්‍රීඩා කිරීමට ඉන්දියාවේ සිටම විදෙස් රටවල් බලා පිටත්ව ගොස් ඇති බවට වාර්තා වේ. ඉන්දීය සංචාරයෙන් පසු යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ කණ්ඩායමේ අඩකටත් වඩා අඩු ක්‍රීඩකයන් පිරිසක් වන අතර, සති අන්ත දෙකක නැෂනල් සුපර් ලීග් තරග මඟ හරිමින් විදෙස් විස්සයි20 ලීග් තරග සඳහා සහභාගි වීමට එම ක්‍රීඩකයන්ට විරුද්ධතාවක් නොමැති බවට වන සහතිකය (NOC) ‘හිතුමතේ’ ලබා දීම ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ පාර්ශ්වල විවේඡනයට ලක් වී ඇත.

හෙට (19) ආරම්භ වන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නියමිත ජාතික මට්ටමේ ක්‍රීඩකයන් රැසක් මේ අතර සිටින බව ද වැඩිදුරටත් වාර්තා වේ.

මාර්තු මුල් සතියේදී නවසීලන්තයේ ටෙස්ට් සහ එක්දින සංචාරයකට සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සඳහා මේ සිව්දින තරගාවලිය අතිශය වැදගත් වන අතර, ටෙස්ට් සංචිතයට ඇතුළත් වනු ඇතැයි සිතිය හැකි බොහෝ ක්‍රීඩකයන්ට මේ අනුව සති අන්ත දෙකක නැෂනල් සුපර් ලීග් තරග මඟ හැරෙන බවත්, නැෂනල් සුපර් ලීග් තරගාවලියේ කණ්ඩායම් කිහිපයක නායකත්වය සහ උපනායකත්වය දරන ක්‍රීඩකයන් ද එම විදෙස් විස්සයි20 ලීග් තරග සඳහා එක්වී සිටින බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.