මැතිවරණ කොමිෂන් සභාව වෙතින් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ දැනුම්දීමක්

2023 පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව අද (18) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

ඉන් පෙන්වා දී ඇත්තේ පළාත් පාලන මැතිවරණ පනතට අනුව නාමයෝජනා භාරදීම අවසන් වූ පසු මැතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු සම්පාදනය කරන බවය. 

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදිය නොහැකි බවට මහා භාණ්ඩාගාරය විසින් මේ දක්වා දැනුම්දීමක් සිදුකර නොමැති බවද මැතිවරණ කොමිසම අද ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ.

Leave a Reply

Your email address will not be published.