අල්ලස් ගත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

යාපනයේදී රුපියල් ලක්ෂ 10ක අල්ලසක් ගැනීමට උත්සාහ කළ පොලිස් නිලධාරියෙක්ව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (17) සවස යාපනය ඉරණමඩු ප්‍රදේශයේ කංකානි හන්දියේදී අදාළ පොලිස් කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසීය.

එම ප්‍රකාශකයා පැවසුවේ සැකකරු ඉඩමක් නීතිවිරෝධී ලෙස පවරා ගැනීමක් සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු කටයුත්තකට උදව් කිරීම සඳහා පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ඉල්ලා ඇති බවය.

Leave a Reply

Your email address will not be published.