සංචාරකයින් 47,000කට අධික පිරිසක් ‍ මේ වසරේ දිවයිනට

මේ වසරේ  ගත වූ කාලය තුළ සංචාරකයින් 47,353 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

පසුගිය 01 වනදා සිට 15 වනදා දක්වා කාලය තුළ එම සංචාරකයින් පිරිස මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් ක‍ළේය.

අදාළ කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් රුසියාවෙන් මෙරටට පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 12,064ක් වේ.

මීට අමතරව ඉන්දීයාවෙන් 5,838 දෙනෙකු, ජර්මනියෙන් 3,945 දෙනෙකු, බ්‍රිතාන්‍යයෙන් 3,862 දෙනෙකු සහ ප්‍රංශයෙන් 2,241 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

මෙම මාසය තුළ සංචාරකයින් 105,000ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂිත බව එම අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published.