අල්ලස්ගත් මාවනැල්ල සභාපති තවදුරටත් රිමාන්ඩ්

ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන දෙකක අල්ලසක් ලබාගැනීමට යාමේදී අත්අඩංගුවට පත් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් සහ ඔහුගේ රියදුරා වූ හසිත තිලකරත්න ජනවාරි 31 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකි.
 
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා එම නියෝගය නිකුත් කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ජනවාරි 13 වනදා ඔහු සහ ඔහුගේ රියදුරාව අත්අඩංගුවට ගනු ලැබුවේ ගොඩනැගිලි සැලසුමක් අනුමත කිරීම සඳහා එම මුදල අල්ලසක් වශයෙන් ඉල්ලා එය ලබාගන්නා අවස්ථාවේදීය.

මාවනැල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළදී එම අල්ලස ලබාගැනීමට සූදානම්වන අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔවුන්ව එලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published.