පේරාදෙණියේදී පස් කන්දකට යටවී හිමිනමක් අපවත් වෙයි

පේරාදෙණිය දඬුවාව පුරාණ රාජමහා විහාරස්ථානයේ උඩ මළුවට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් හිමිනමක් අපවත් වී තිබේ.

පොලිස් මුලස්ථානය පැවසුවේ විහාරස්ථානයේ උඩ මළුවේ ආගමික වතාවත් සිදුකරමින් සිටින අතරවාරයේ මෙම පස් කන්ද කඩා වැටී ඇති බවය. 

පස් කන්දට යටවීමෙන් බරපතල තුවාල ලැබූ හිමිනම පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව අපවත් වී තිබේ.

අපවත් වී ඇත්තේ 18 හැවිරිදි වියේ පසුවූ එම විහාරස්ථානයේම වැඩවාසය කළ හිමිනමකි.

අනතුර සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.