රුසියානු මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ 11ක් මරුට

රුසියානු හමුදා යුක්‍රේනය වෙත එල්ල කළ තවත් මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

ප්‍රහාර වලින්  පුද්ගලයන් 10කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකාව සහ ජර්මනිය යුක්‍රේනය වෙත යුද ටැංකි ලබාදීමට පියවර ගන්නා බවට ප්‍රකාශ කර පැය කිහිපයකට පසුව රුසියාව මෙම මිසයිල ප්‍රහාරය එල්ල කිරීම විශේෂත්වයකි.

කෙසේවෙතත් රුසියාව විසින් දියත් කරන ලද මිසයිල ප්‍රහාර 55 න් 47 ක් විනාශ කළ බව යුක්‍රේන හමුදාව ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.