විදුලිය කපන්න එපා – ජනක රත්නායක

අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන පෙබරවාරි 17 වන දින දක්වා කාලය තුළ විදුලි බලය විසන්ධි කිරීමෙන් වළකින ලෙස දන්වමින් මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට නැවතත් ලිපියක් යොමුකර තිබේ.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම ලිපියෙන් පෙන්වා දෙන්නේ අපොස උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසු සිසුවියන් 331,709 දෙනෙකුගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම කාගේත් වගකීම බවය.

ඔහු තවදුරටත් පවසන්නේ ජනවාරි 26 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා විදුලි බලය විසන්ධි කිරීමට මහජන උපයෝගීතා කොමිසම ලබාදිය යුතු අනුමැතිය ලංකා විදුලිබල මණ්ඩලයට ලබානොදෙන බවය.

එම කාලය තුළදී විදුලිය විසන්ධි කළහොත් ලංකා විදුලිබල මණ්ඩලය ඊට නීතිමය වශයෙන් වගකිවයුතු බව එම ලිපියේ තවදුරටත් දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published.