නිවසක් කුළ අඹුසැමි යුවළක් කපා කොටා ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ අම්බලන්තොට බෝලාන රුහුණු රිදීගම තුනේ කණුව ප්‍රදේශයේදී නිවසක් තුළ අද (27) පෙරවරුවේ මෙම අපරාධය සිදුවී ඇති බවය.
ඝාතනයට ලක්වූ පිරිමි පුද්ගලයාගේ මස්සිනා කෙනෙකු සිද්ධියට සැකපිට අම්බලන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු අම්බලන්තොට බෙලිගාලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලීසිය සැක කරන්නේ අදාළ සැකකරු නිවසට කඩාවැදී පොරොවකින් සහ කැත්තකින් පහරදී මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බවටය.
ඝාතනයට ලක්වී ඇත්තේ 61 හැවිරිදි වෙන්ගප්පුලී ආරච්චිගේ සුනිල් සහ 56 හැවිරිදි හේවාමානගේ කුසුමලතා යන අඹුසැමි යුවළකි.
කලක පටන් පැවති බව කියන ඉඩම් ආරවුලක් මත මෙම ඝාතන සිදුකර තිබෙන බවට ද තොරතුරු හෙළිවී ඇත.