කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක්

75 වන ජාතික නිදහස් දින උත්සවය සහ එහි පෙරහුරු හේතුවෙන් ගාලූ මුවදොර හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වල විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.

අද (28), හෙට (29) දිනයන් සහ පෙබරවාරි මස 01 වනදා සිට නිදහස් දිනය දක්වා කාලය තුළ අළුයම පහේ සිට දහවල් 12 අතර කාලය තුළ මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

ගාලු මුවදොර මැද පාර – ගාලු මුවදොර වටරවුමේ සිට එන්. එස්. ඒ. වට රවුම දක්වා සහ චෛත්‍ය පාර ප්‍රදේශය කොල්ලුපිටිය හංන්දියෙන් ගාලු මුවදොර දෙසට සහ කොල්ලුපිටිය දුම්රියපොළ පාරට ඇතුළු වීම අදාළ කාලය තුළ සීමා කෙරෙයි.

එමෙන්ම සෙරමික් හංන්දියෙන් එන්. එස්. ඒ. වට රවුම දෙසට ඇතුළුවීම කොම්පඤ්ඤ වීදිය පොලීසිය වට රවුමෙන් රීගල් හංදිය දෙසට ඇතුළුවීම ගාලු පාර බම්බලපිටිය හංන්දියෙන් කොල්ලුපිටිය දෙසට ඇතුළුවීම ආදිය අදාළ කාලය තුල වාහන සඳහා සීමා කෙරෙන බව පොලීසිය පවසයි.

මේ හේතුවෙන් අදාළ දිනයන්හි පෙරහුරු සහ නිදහස් දින උ‍ත්සවය පැවැත්වෙන කාලයේදී විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published.