මොරටුව ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක ගින්නක්

මොරටුව රාවතාවත්ත හයවැනි පටුමගේ ඇගලුම් කම්හලක් පවත්වාගෙන ගිය දෙමහල් නිවෙසක ඇති වු විශාල ගින්නෙන් දේපල වලට දැඩිලෙස හානි සිදු වී ඇති බව වාර්තා වෙයි .

මොරටුව මහ නගරසභාවේ ගිනි නිවන රථ තුනක් ජල බවුසර් දෙකක් යොදා ගනිමින් ගින්න මේ වන විට නිවා දමා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

ගිනි නිවීමට ලක් වු දෙමහල් ගොඩනැගිල්ලේ කොරෝනා ආරක්ශිත ඇගලුම් ගබඩාවක් තිබු බව වාර්තා වෙයි .

ගින්නෙන් ජිවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.

Leave a Reply

Your email address will not be published.