දුම්රිය නියාමකවරු දෙදෙනෙක් අත්අඩංගුවට

මහනුවර දුම්රිය නිල නිවාසයකට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මරණයට පත්ව තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මහනුවර පොලීසිය සැකපිට දුම්රිය නියාමකවරු දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි මියගිය පුද්ගලයා පසුගිය 13 වෙනිදා දුම්රිය නිල නිවසට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේ දී නිවසේ සිටි තරුණියන් දෙදෙනෙක් බියට පත්ව කෑ ගසා ඇති බවය.

පසුව එම හඬ ඇසී එම ස්ථානයට පැමිණි දුම්රිය නියාමකවරුන් දෙදෙනෙකු කළ පහරදීමෙන් නිවසට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයා ඇදවැටී තුවාල ලබා රෝහල්ගත කළ බවට ලද තොරතුරු මත පොලීසිය විසින් දුම්රිය නියාමකවරු දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් පවසා ඇත්තේ, තමන් මියගිය පුද්ගලයාට පහර නොදුන් බවත් ඔහු නිල නිවසේ ඉහළ මහළින් ඇදවැටී තුවාල ලැබූ බවත්ය.

Leave a Reply

Your email address will not be published.