විදුලි කප්පාදුවට එරෙහි පෙත්සම ට දුන් නියෝගය

අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුවක් නොකරන බවට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වරයා, විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශව ලබාදුන් එකඟතාව කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ගොනුකළ  පැමිණිල්ල අද (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබීය.

එහිදී ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට කියා සිටියේ, එම පැමිණිල්ල සම්බන්ධයෙන්  තම සේවාදායකයින් උපදෙස් ලබාගැනීම සඳහා කාලය අවශ්‍ය බවය.

එබැවින් එම පෙත්සම හෙට (03) දින කැඳවන ලෙසත් එම නීතිඥවරු ඉල්ලා සිටියහ.

මෙහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පෙන්වා දුන්නේ, මෙය හදිසි කටයුත්තක් බැවින් කල්දැමීම නුසුදුසු බවය.

ඒ අනුව වගඋත්තරකරුවන් ගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා ඔවුන්ගේ නීතිඥවරුන්ට කල් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම අද දහවල් යළි කැඳවන බවත් නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published.