ලෝක තෙත්බිම් දිනය අදයි

ලෝක තෙත්බිම් දිනය අදට (02) යෙදී තිබේ.

“තෙත්බිම් ප්‍රතිෂ්ඨාපනය කිරීමට කාලය යි” යන්න මෙවර තෙත්බිම් දිනයේ තේමාව වේ.

තෙත්බිම් දිනයට සමගාමීව දිවයින පුරා වැඩසටහන් සංවිධානය කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත ප්‍රදේශ කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල අමරරත්න මහතා සඳහන් කළේය.

“විශේෂයෙන්ම වැදගත් තෙත්බිම් පරිසර පද්ධතියක් වන කඩොලාන ආරක්ෂා කිරීම සහ කඩොලාන ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනවා. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආනවිළුන්දාව අභයභූමියේ ඉස්සන් වගාව නිසා හායනයට ලක්වුණු ප්‍රදේශයක් මේ වනවිට ඉතාමත් විද්‍යාත්මකව ප්‍රතිෂ්ඨාපනය කරමින් පවතිනවා.”

Leave a Reply

Your email address will not be published.