විදෙස් ජාතික නැවියන් දෙදෙනෙක් හදිසියේ මියයයි

විදෙස් ජාතික නැවියන් දෙදෙනෙක් හදිසියේ මියයෑමේ සිදුවීමක් පිළිබඳ ගාල්ල වරාය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

ඊජිප්තුවේ සිට ඉන්දියාව බලා භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකාවක සේවයේ යෙදී සිටි නැවියන් දෙදෙනෙක් ජාත්‍යන්තර මුහුදු තීරයේ දී මියගොස් ඇතැයි ඊයේ (01) ලද පැමිණිල්ලක් මත අදාළ විමර්ශන ආරම්භ කර ඇත.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 41ක් හා 53ක් වන යුක්‍රේන ජාතිකයින් දෙදෙනෙකි.

එම නෞකාව මේ වනවිට දේශීය මුහුදු තීරයේ ගාල්ල වරාය ආසන්නයේ නැංගුරම්ලා ඇති අතර, එම මරණ සම්බන්ධයෙන් ගාල්ල මහෙස්ත්‍රාත්තුමිය වෙත කරුණු වාර්තා කර මෘත ශරීර ගොඩබිමට රැගෙන ඒම සඳහා කටයුතු සිදුකරමින් පවතී.

Leave a Reply

Your email address will not be published.