ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තියුණු ජයක්

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු පුහුණු තරගයෙන් තියුණු ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

ඒ ලකුණු 2කින් අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත්කරමිනි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 149ක් රැස්කරගැනීමට සමත්විය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 56ක් රැස්කර ගැනීමට සමත්විය.

පන්දු 46කදී ගොඩනැගූ ඇයගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත් විය.

විශ්මි ගුණරත්න පන්දු 34කදී හතරේ පහර 4ක් සමග ලකුණු 36ක් රැස්කළ අතර චමරි අතපත්තු පන්දු 23කදී ලකුණු 27ක් රැස්කළාය.

පන්දු යැවීමේදී අයර්ලන්තය වෙනුවෙන් Laura Delany කඩුලු 3ක් දවගත්තාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තය වෙනුවෙන් Gaby Lewis ලකුණු 38ක් රැස්කළ අතර Arlene Kelly ලකුණු 30 රැස්කළාය.

අයර්ලන්තයේ බලාපොරොත්තු සුනුවිසුණු කළ ඕෂධී රණසිංහ ලකුණු 22කට කඩුලු 3ක් දවාගත් අතර ඉනෝකා රණවීර ලකුණු 26කට කඩුලු 3ක් දවාගත්තාය.

සුගන්දිකා කුමාරි සහ කවීෂා දිල්හාරි එක් කඩුල්ල බැගින් දවාගත්තාය.

Leave a Reply

Your email address will not be published.