ඔනේෂ් සුබසිංහගේ මරණය ගැන තවත් තොරතුරු

මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ඔනේෂ් සුබසිංහ මහතාගේ මරණය ඝාතනයක් ද යන්න පිළිබද සොයාබැලීමට ජකර්තා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ විනෝද චාරිකාවක් සඳහා එම ව්‍යාපාරිකයා පවුලේ සාමාජිකයින් සමඟ පසුගියදා ඉන්දුනීසියාවේ ජකර්තා නුවරට ගොස් ඇති බවය. 

අදාළ ව්‍යාපාරිකයාගේ බ්‍රසීල ජාතික බිරිඳ, සිව් හැවිරිදි දියණිය සහ තවත් බ්‍රසීල ජාතික කාන්තාවක් එම මහල් නිවසේ රැඳී සිට තිබේ.

පසුගිය අඟහරුවාදා පවුලේ ඥාතීන් සමග අවසන්වරට දුරකථනය ඔස්සේ සම්බන්ධ වී ඇති ඔනේෂ් සුබසිංහ මහතා විදෙස්ගතවූ පසුව පවුලේ ඥාතීන්ට සම්බන්ධ කර ගැනීමට හැකි වී නොමැති බවට වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමසීමකට අනුව ජාකාර්තා පොලීසිය ඔනේෂ් සුබසිංහ මහතාගේ මළ සිරුර සොයාගෙන තිබේ.

ඒ වනවිට ඔහුගේ බිරිඳ, දියණිය සහ හිතවත් කාන්තාව ඔවුන් නැවතී සිටි ස්ථානයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.

මේ අතර පසුගියදා මියගිය කෝටිපති නිමි ඇදුම් ව්‍යාපාරිකයාගේ ඝාතනය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකර තිබේ.

ඝාතනයට සම්බන්ධ සැකකාර යුවල කඳාන ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අවසර දුන් බව පොලීසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published.