බිලියනපති ව්‍යාපාරිකයා ඉන්දුනීසියාවේ දී මරුට

ශ්‍රී ලංකාවේ බිලියනපති ව්‍යාපාරිකයෙකු වන ඔනේෂ් සුබසිංහ මහතා ඉන්දුනීසියාවේ, ජකර්තා අගනුවර සුඛෝපභෝගී මහල් නිවාසයක මියගොස් සිටිය දී සොයා ගෙන තිබේ.

මියයන විට ඔහු 45 වන වියේ පසුවුණි.

ඔපෙක්ස් හෝල්ඩින්ග්ස් සමාගමෙහි කළමනාකරණ අධ්‍යක්ෂවරයා ද වන්නේ ඔනේෂ් සුබසිංහ මහතා ය.

ජකර්තා පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, මෙය මිනීමැරුමක් ද බවට සැකයක් ඇති බවත් වාර්තා වේ.

ඔහුගේ බ්‍රසීල ජාතික බිරිඳ, සිව්හැවිරිදි දියණිය සහ තවත් නාඳුනන බ්‍රසීල ජාතික කාන්තාවක සමග ඔනේෂ් සුබසිංහ මහතා නිවාඩුවක් ගතකිරීමට ජකර්තා නුවර ට ගොස් තිබුණි.

ඔනේෂ් සුබසිංහ මහතාගේ බිරිඳ, දියණිය හා නාඳුනන කාන්තාව පසුගිය 2 වනදා “බාධා නොකරන්න” සලකුණ මහල් නිවාසයේ ප්‍රධාන දොරෙහි අමුණා පිටව යන අයුරු CCTV කැමරාවල සටහනව ඇති බව ද වාර්තා වේ.

ඔනේෂ් සුබසිංහ මහතා තම පවුලේ ඥාතීන් සමග අවසන් වරට සම්බන්ධ වී ඇත්තේ, පසුගිය  02 වනදා බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔනේෂ් සුබසිංහ මහතාගේ මරණය පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජකර්තා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.