ආරොන් ෆින්ච් ජාත්‍යන්තර පිටියට සමුදෙයි

ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් නායක ආරොන් ෆින්ච් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

පසුගිය වසරේදී ෆින්ච් එක්දින තරගවලින් ඉවත්වීමට පියවර ගෙන තිබුණි.

2024 වසරේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් තමන්ට ක්‍රීඩා කිරීමට නොහැකි බැවින් කණ්ඩායමට සැලසුම් සකස් කර ගැනීම සදහා තමාට ඉවත් වීමට සුදුසු අවස්ථාව මෙය බව ෆින්ච් ප්‍රකාශ කර ඇත.

පන්දුවාර විස්සයි විස්ස තරගවල ඉහළම ළකුණු ලබාගත් ක්‍රීඩකයෙකු වන අරොන් ෆින්ච් ලකුණු 34.28ක ලකුණු ලබාගැනීමේ සාමාන්‍යයක් රඳවාගෙන සිටි අයෙකි.

ආරොන් ෆින්ච් වසර 12ක් පුරා ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කර තිබේ.

Leave a Reply

Your email address will not be published.