බිහිසුණු භූ කම්පනයේ තවත් සංවේදී කතාවක්

තුර්කිය සහ සිරියාව අතර හටගත් භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ පවතින අතරේ තවත් හදවත් කම්පා කරවන දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සිදුවීම වාර්තා වන්නේ සිරියාවෙනි.

භූ කම්පනය හේතුවෙන් කඩාවැටුණු සිරියාවේ ගොඩනැගිලිවල සුන්බුන්වලට යටවූ මිනිස් ජීවිත සොයා මිහිපිට දෙවිවරු වන් මිනිසුන් නොනිදා වෙහෙසෙමින් සිටී.

ඒ අතරේ සුන්බුන් අතරින් කණවැකුණු බිලිඳෙකුගේ හඬක් ඔස්සේ සෝදිසිකිරීම් සිදුකළ පිරිසකට දැකගැනීමට සිදුවූයේ හද කම්පා කරවන දසුනකි.

ඒ දර්ශනයේ තිබුණේ ඒ වනවිටත් බිහිවෙමින් සිටි කුඩා දරුවෙකි.

එම පිරිස කඩිනමින් දරුවා ගොඩනැගිලි සුන්බුන් අතරින් පිටතට ගැනීමට සමත්ව තිබේ.

කෙසේ වෙතත් සුන්බුන් අතර සිරවී සිටි දරුවාගේ මව ඒ මොහොතේ අවසන් සුසුම් හෙළන්නේ තම දරුවා බේරාගැනීමට එහි පැමිණි දෙවිවරු වන් මිනිසුන් දෙස බල සැනසුම් සුසුමක් හෙළමිනි.

Leave a Reply

Your email address will not be published.