කාසියේ වාසිය කොදෙව් කණ්ඩායම ට

පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙයි.

ඒ, තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතරය.

එහි කාසියේ වාසිය දිනාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමත් විය.

ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාගැනීමටය.

මේ අතර ‘ඒ’ කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර තරගය ද අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතය.

තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවති පළමු තරගයේදී සත්කාරක දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජය හිමිකරගත්තාය.

පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඒ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ බංගලාදේශය තරග වදින අතර බී කාණ්ඩය යටතේ එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් යන කාණ්ඩායම් තරග වදී.

Leave a Reply

Your email address will not be published.