භූ චලන ගැන සොයන්න කණ්ඩායම් දෙකක් පිටත්වෙයි

වැල්ලවාය නගරය ආසන්නයේ අද (11) උදෑසන රික්ටර් මාපාංක 2.3 ක සුළු භූ කම්පනයක් වාර්තාවී තිබුණි.

මොනරාගල, බුත්තල ආශ්‍රිතව සිදුවන මෙම භූ චලන සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායම් දෙකක් එම ප්‍රදේශවලට පිටත්ව ගිය බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේය.

මොනරාගල, බුත්තල, වැල්ලවාය, කුඹුක්කන සහ ඔක්කම්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක ඊයේ (10) දහවල් භූ චලන දෙකක් ඇතිවිය.

ඒ, රික්ටර් මාපාංක 3 ක අගයකින් සහ රික්ටර් මාපාංක 3.5ක් ලෙසිනි.

කෙසේ වෙතත් ප්‍ර‍දේශවාසීන් පැවසුවේ අද සිදුවූ භූ චලනයේ බලපෑම තමන්ට නොදැණුනු බවය.

Leave a Reply

Your email address will not be published.