OIC ඇතුළු පොලිස් නිලධාරීන් 4කට මරණ දඬුවම

වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට වැරදිකරුවන් වූ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට අද (15) අධිකරණය විසින් මරණ දඬුවම ලබා දී තිබේ.

2005 වර්ෂයේදී තිස්සමහාරාම ප්‍රදේශයේ වැටලීමක් අතරතුරදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකින් අනතුරුව එම නිලධාරීන්ට මෙලෙස මරණ දඬුවම නියම කර ඇත.

මෙලෙස මරණ දඬුවම නියම කර ඇත්තේ එකල තිස්සමහාරාම පොලීසියට අනුයුක්තව සේවය කළ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 4දෙනෙකුටය.

අදාළ නඩුව හම්බන්තොට මහාධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය විසින් එම නිලධාරීන්ට මරණ දඬුවම නියම කර ඇත.

Leave a Reply

Your email address will not be published.