කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

නිෂ්පාදන අංශයට අදාළව 2022 වර්ෂයේ පැවැත්වූ හය වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

මෙම විභාගයේ ප්‍රථිඵල www.slbfe.lk වෙබ් අඩවියේ පළකර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

නිෂ්පාදන අංශයට අදාළව 2022 වර්ෂයේ පැවැත්වූ හය වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ දෙවන අදියරෙන් අපේක්ෂකයින් 3‍,950දෙනෙකු සමත් වී තිබේ.

විභාගය සමත් වූ අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ හා වෛද්‍ය පරීක්ෂණ සඳහා පැමිණිය යුතු දිනයන් ඉදිරියේදී දැනුම් දෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය.

නිෂ්පාදන අංශයට අදාළව 2022 වර්ෂයේ පැවැත්වූ හය වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ දෙවන අදියරය පසුගිය වසරේ ජුලි 04 වනදා සිට මෙම මස 03 වනදා දක්වා මාර්ගගත ක්‍රමයට පැවැත්විය. 

මෙම විභාගය සඳහා අපේක්ෂකයින් 24,378ක පිරිසක් විභාගය සඳහා අයදුම් කරන තිබුණද, විභාගය සඳහා පෙනී සිටියේ ඉන් අයදුම්කරුවන් 18,269ක් පමණි.

Leave a Reply

Your email address will not be published.