ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක්

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගීවන තවත් තරගයක් අද (19) පැවැත්වේ.

නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන එම තරගය රාත්‍රී 10.30ට ආරම්භ වීමට නියමිතය.

තරගාවලියේ සහභාගී වූ තරග තුනෙන් දෙකක් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.

මේ වන විට පළමු කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත්ව ඇති අතර එහි දෙවන තැන හිමිව ඇත්තේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමටය.

මේ අතර දෙවන කාණ්ඩය යටතේ පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර තරගය ද අද පැවැත් වේ.

Leave a Reply

Your email address will not be published.