හදිසි විදුලි බිඳවැටීමෙන් බලපෑමට ලක් වූ ප්රදේශවලින් 50%කට පමණ මේ වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බව ජාතික පද්ධති ක්රියාකරු (පුද්ගලික) සමාගම පවසයි.
සම්ප්රේෂණ ජාලයේ ඇති වූ ප්රධාන පද්ධති දෝෂයක් හේතුවෙන් අද (17) පෙරවරු 11.45ට පමණ දිවයින පුරා විදුලි සැපයුම බිඳවැටී තිබුණි.
මේ අතර, හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් අඩාල වූ විදුලි සැපයුම අද සවස් කාලය වන විට යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ජාතික පද්ධති ක්රියාකරු (පුද්ගලික) සමාගම සඳහන් කර සිටී.
එම සමාගම වැඩිදුරටත් පවසන්නේ අද සවස 6.30 වන විට සමස්ත විදුලි පද්ධතියම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවය.
එමෙන්ම, ඇතැම් බලාගාර බිඳවැටී ඇති බවට පළ වන වාර්තාවල සත්යතාවක් නොමැති බව ද එම සමාගම සඳහන් කර තිබේ.
පවතින තත්ත්වය හමුවේ ගල් අඟුරු බලාගාරය පමණක් නියමිත ක්රියාපටිපාටියට අනුව ක්රියා විරහිත කර ඇති බව ද එම සමාගම වැඩිදුරටත් පවසයි.


