විදුලිය සහ තෙල් ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කරන්නැයි උපදෙස්

ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස රජය විසින් උපදෙස් ලබාදී තිබේ.

තෙල් සංස්ථාව සහ ලංකා විදුලි බල මණ්ඩලය මේ වන විට නව අයක්‍රම යටතේ ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බැවින් යෝජිත ප්‍රතිව්‍යුහගත කිරිමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස උපදෙස් ලබාදී ඇත.

එම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මීට පෙර සිදුකරන ලෙස උපදෙස් ලබාදී තිබුණ ද අයක්‍රම සකස් කිරීමට ප්‍රමාද වී හේතුවෙන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ද ප්‍රමාද වුණි.

එම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හරහා ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව කොටස් කිහිපයකට වෙන්කර පවත්වාගෙන යාමට සැලසුම් කර තිබේ.

එම ක්‍රියාවලිය හරහා දෙස් විදෙස් ආයෝජකයන්ට ද අවස්ථාව හිමිවන බව සඳහන්ය.

මෙහිදි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් විදුලි ජනනය කිරීමේදී එම අවස්ථාව දෙස් විදෙස් ආයෝජකයන්ට හිමිවන අතර ඛනිජ තෙල් සංස්ථාව සතුව පැවැති ත්‍රිකුණාමල තෙල් ටැංකි මේ වන විටත් ඉන්දියානු තෙල් සමාගමට පවරා දී තිබේ.

එමෙන්ම නව ක්‍රියාවලිය හරහා තෙල් ආනයනය කිරීමේ දී නව සමාගම්වලට අවස්ථාව හිමිවනු ඇත.  

Leave a Reply

Your email address will not be published.