බස් රථයක් සහ මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

කිලිනොච්චිය, අරිවියල් නගර් ප්‍රදේශයේදී අද (20) උදෑසන බස් රථයක් හා මෝටර් රථයක් දුම්රියේ ගැටී තිබුණි.

අප වාර්තාකරු පැවසුවේ එම අනතුරෙන් පුද්ගලයන්  තිදෙනෙකු තුවාල ලබා ඇති බවය.

යාපනය සිට වව්නියාව දක්වා ගමන් කරමින් තිබූ දුම්රියේ එලෙස බස් රථයක් හා මෝටර්  රථයක් ගැටී තිබුණි.

තුවාල ලැබූ තිදෙනා කිලිනොච්චිය රෝහලට ඇතුළත්කර ඇති බව පොලීසිය පැවසීය

Leave a Reply

Your email address will not be published.